Online Test

Online ඉස්කෝාල් දැනුම පරීක්ෂාව

මැදිරිගිරිය ජාතික පාසලේ online ඉස්කෝලේ හරහා පවත්වනු ලබන පරීක්ෂණය මාර්ගගත ක්‍රමයට පැවැත්වේ. ඒ සදහා සියලුම දරු දැරියන්ගේ සම්බන්ධ වීම බලාපොරොත්තු වේ. දැරු දැරියන් සියලුම ‌දෙනා පහත උපදෙස් හොදින් කියවා තේරුම්ගෙන ඒ අනුව ක්‍රියා කරන්න.

1, කාල සටහනට අනුව නියමිත දිනයේ නියමිත වේලාවට පරීක්ෂණය පැවැත්වේ. ( කාල සටහනට බලා ගැනීමට මෙහි ක්ලික් කරන්න)

2. උපදෙස් හොදින් කියවා තේරුම්ගන්න. නියමිත වේලාව එළඔි පසු මැදිරිගිරිය ජාතික පාසලේ දරුවන් ඔබගේ Whatsapp සමූහය‌ හරහා ප්‍රශ්න පත්‍රයට ප්‍රවේශවීමේ link එක ලැබෙනු ඇත. වෙනත් පාසල් වල සිසුන් සදහා පමණක් මෙම ස්ථානයට සබැදිය නියමිත වේලාවට විනාඩි 05කට පසු ඇතුලත් කෙරේ.

6 Tamil

https://forms.gle/mzM8GMDASFLybCP69
https://forms.gle/mzM8GMDASFLybCP69

3. ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම සදහා ඔබට ලැබෙන කාලය විනාඩි 30 කි.

4. විනාඩි 30 ක කාලය තුල ඔබට පිළිතුරු සැපයීම සදහා කාලය අභිභවූ ප්‍රශ්න සංඛ්‍යාවක් (වැඩි ප්‍රශ්න ගණනක්) ලැබෙන අතර ඔබට හැකි උපරිම ප්‍රශ්න සංඛ්‍යාවක‌‌ට පිළිතුරු සපයන්න. මේ නිසා විෂය කරුණු අධ්‍යයනය කර (පාඩම් කර ) පිළිතුරු සපයන සිසුන්ට වාසි සැලසේ.

5. කාලය අවසන් වී විනාඩි 2ක් ගත වීමට පෙර පිලිතුරු පත්‍රය Submit බොත්තම ක්ලික් කර ඒවිය යුතුවේ. කාලය ප්‍රමාද වී එවන පිළිතුරු පත්‍ර අවලංගු වනු ඇත. කිසිම විටක කාලය ඉක්මවූ පසු පිළිතුරු ලිවීමට උත්සාහ නොකරන්න. Submit කිරීමට එම අමතර මිනිත්තු කිහිපය ලබා දී ඇත. විනාඩි 2කට පසු Submit අවලංගු කල විට ඔබට පිළිතුරු පත්‍ර යොමු කිරීමට නොහැකි වනු ඇත.

6. ඔබගේ පිලිතුරු පත්‍රවල ලකුණු පසුව නිකුත් කරනු ලැබේ.

7. සෑම ප්‍රශ්න පත්‍රයකම බහුවරණ ප්‍රශ්න, කෙටි නිශ්චිත පිළිතුරු සහිත ප්‍රශ්න, තේරීම් කොටු සහිත ප්‍රශ්න ආදී විවිධ ප්‍රශ්න අඩංගු විය හැකිය. (පෙර පුහුණු වීමක් සදහා නිදර්ශක ප්‍රශ්න පත්‍රයක් ඉහත ඇතුලත් කර ඇත.)

8. තාක්ෂණික ගැටලු ඇති වීම මගින් ඔබට සිදුවන අපහසුතා මග හරවා ගැනීමට ඔබ සෑම විටම උත්සාහ කරන්න. උදා- Weak signal, Data අවසන් වීම

9. පිළිතුරු සැපයීම ආරම්භ කිරීමට පෙර පහත දැක්වෙන පරිදි විස්තර කියවා ඔබගේ නම හා පන්තිය ඇතුල් කිරීම අනිවාර්යය වේ.

10. කාලය අවසන් වූ විගස පහත දැක්වෙන ආකාරයට ප්‍රශ්න පත්‍රය අවසානයේ ඇති Submit බොත්තම ක්ලික් කර පිලිතුරු පාසල වෙත එවන්න.

11. නිවැරදිව Submit වූ පසු පහත පරිදි “Your response has been recorded” යන පණිවුඩය දර්ශනය විය යුතුය.