Two Smart Classrooms for MNC
Category : Uncategorized


මෙම සුහුරු පන්ති කාමර ද්විත්වය අද දින මැදිරිගිරිය ජාතික පාසලට දායාද වූ අතර මෙයින් KG විජේසුන්දර සුහුරු පන්ති කාමරය විද්‍යාලයීය ආදී ශිෂ්‍යය වෛද්‍යවරුන් කණ්ඩායමක පරිත්‍යාගයක් වූ අතර දන්තුරේ බණ්ඩාර සුහුරු පන්ති කාමරය විදේශ රටක සේවය කරන අසංක දන්තුරේ බණ්ඩාර මහත්මාගේ පරිත්‍යාගයක් ලෙස විද්‍යාලයට තිළිණ කරන ලදී. එම සුහුරු පන්ති කාමර මැදිරිගිරිය ජාතික පාසලට තිළිණ කිරීම සඳහා උරදුන් සියලුම දෙනාට විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය සහ දරු දැරියන්ගේ හර්දයාංගම ස්තුතිය සහ ප්‍රණාමය පුදකර සිටිමු. එමෙන්ම නව්‍යකරණය වූ ගුරුවරුන් පිරිසක් ලෙස දැයට වැඩදායි දරු දැරියන් බිහි කිරීමේ ඉගෙනුම් ඉගැන්වීම් කාර්යය සඳහා මෙම මහඟු සම්පත් ඉදිරියේදී ඵලදායී අයුරින් භාවිත කරනු ඇත.






