මැදිරිගිරිය ජාතික පාසල් වංශ කතාව රනින් හැඩ කෙරුණු වගයි………….
Category : Uncategorized
“අගයමු දස්කම් විස්කම්
දැයේ දරුවන් රටේ අනාගතයයි……”
2020 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට සමස්ත ලංකා මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් තෝරාගත් විශිෂ්ටයින් අගයනු වස්,…
“2020 අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයෙන් ප්‍රමුඛස්ථාන ලැබූ සිසුන්ගේ කුසලතා ඇගයීම” නමින් සුවිශේෂ වැඩසටහනක් 2021.11.22.වන දින, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ,අධ්‍යාපන අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පා.මේ.මන්ත්‍රී යදාමිණි සෙනෙවිරත්න ,
අනූප පැස්කුවල්,
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මාහාචාර්ය කපිල පෙරේරා,
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙහිදී දිවයින පුරා විශිෂ්ටයින් හැට දෙදෙනෙකු අගයනු ලැබුණු අතර , පො/ මැදිරිගිරිය ජාතික පාසලේ තවීෂ දිනෙත් ජයසිංහ ශිෂ්‍යයාද දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස කුසලතා හිමිකර ගනිමින් පාසල් වංශ කතාවේ සවර්ණමය සටහනක් තැබිණි.
මෙම අභිමානවත් අවස්ථාවට එම ශිෂ්‍යයා, ඔහුගේ පියා වන වෛද්‍ය අනුර ජයසිංහ මහතා සහ විද්‍යාලයේ විදුහල්පතිතුමන් ද සහභාගි විය.
මෙම ජයග්‍රහණය අත් පත් කර ගැනීමට දායක වූ ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්,වසංගත තත්වය යටතේත් ඉමහත් වෙහෙසක් දරමින්, ප්‍රතිපෝෂණ සැලසුම් සකස්කරමින් ,ක්‍රියාත්මක කිරීමට මග පෙන්වූ හිටපු විදුහල්පති රුවන් කුමාර මහතාටත්, සෙසු සියලුම විදුහල්පතිවරුන් ටත් විද්‍යාලයේ ගෞරවනීය ස්තූතිය මෙසේ පළකරන්නෙමු ………….

