
විදුහල්පති
පාසල් නිල වෙබ් අඩවිය තුළින් මෙම පණිවුඩය ලබාදීම පිළිබඳව මම අතිශයින්ම සතුටට පත් වෙමි. අද වන විට ලොව තොරතුරු තාක්ෂණය හා අත්වැල් බැඳගෙන ගමන් කරන යුගයකි. එවැනි තත්වයක් තුල දත්ත සහ තොරතුරු සඳහා හිමි වන්නේ ප්රධාන ස්ථානයකි.
වලාකුළු පරිගණක සංකල්පයත් සමඟ මිනිසුන් සිටින ඕනෑම තැනක සිට දත්ත සහ තොරතුරු සඳහා ප්රවේශ වීමට ඔවුන් අපේක්ෂා කරයි. එවැනි තත්වයක් තුල ෙබ් අඩවියක් සඳහා හිමිවන්නේ ප්රමුඛ ස්ථානයකි. එමෙන්ම තොරතුරු ඉක්මනින් ලබා ගැනීම ඉතා වැදගත් කාර්යයකි. මේ නිසා ආයතනයක වෙබ් අඩවියක් ඉක්මනින් තොරතුරු බෙදා ගැනීමක් තොරතුරු ලබා ගැනීමත් සඳහා සකස් විය යුත්තකි. අපගේ පාසලේ වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ ප්රධාන අරමුණ වූයේ මෙයයි .
මේ නිසා මෙම වෙබ් අඩවිය හරහා පාසලේ තොරතුරු ලොවට ගෙන යාමටත් පාසලට ඉක්මනින් දත්ත ලබා ගැනීමටත් මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමට අප උත්සාහ යුතුය.
පාසලේ මෙම නිල වෙබ් අඩවියේ ප්රතිලාභ සිසුන් ගුරුවරුන් දෙමව්පියන් සහ ප්රජාව ලබාගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
අවසාන වශයෙන් ඵලදායී වෙබ් අඩවියක් පාසල තුල නඩත්තු කිරීම සඳහා පාසලේ වෙබ් නිර්මාපක කණ්ඩායමට මාගේ සුභාශිංසන පිරිනමමි. ඔබ සැමට තෙරුවන් සරණයි
කේ.ඩී.සී. රුවන් කුමාර
විදුහල්පති