ඉතිහාසය

මැදිරිගිරිය නගරය උතුරුමැද පළාතේ ළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ නගරයකි

1959 මාර්තු 15 වන දින මැදිරිගිරිය මැදිරිගිරිය ග්‍රාමයේ මංසන්ධිය අසල මැදිරිගිරිය විදු මෑණියන්ගේ ආරම්භය සනිටුහන් කරන ලදී. ගසක් යට ආරම්භ කරන ලද මැදිරිගිරිය පාසල පසුකාලීනව ගම්වැසියන්ගේ සහයෝගය ඇතිව පොල් අතු පැලක නිර්මාණය කරන ලදී. එහි ප්‍රථම විදුහල්පති තුමා බවට පත්වූයේ සද්ධාරත්න බණ්ඩාර මැතිතුමාය. ප්‍රථම දිනයේ දී සිසුන් 6 දෙනෙක් විද්‍යාලයට ඇතුලත් වූ අතර ඇතුළත් විය ඔවුන් විවිධ වයස් කාණ්ඩ වලට අයත් විය.

මෙම යුගයේදී මෙය රාජ්‍ය පාසලක් නොවූ අතර වර්ෂ කීපයකට පසු 1963දී මැදිරිගිරිය විදු මාතාව රජයේ පාසලක් බවට පත් විය. මෙම සිදුවීම එවකට පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක්ව සිටි ගරු සී. පී. ද සිල්වා මැතිතුමාගේ නායකත්වය යටතේ සිදු වූ අතර රාජ්‍ය පාසලක් බවට පත්වීමෙන් පසු මුල්ම විදුහල්පතිතුමා බවට පත්වූයේ කුමාරදාස මැතිතුමාය.

විශේෂ සිදුවීම්

ආරම්භක දිනය – 1959.01.15

මුල්ම ගුරුතුමා – සද්ධාරත්න බණ්ඩාර මැතිතුමා

රජ‍ෙය් පාසලක් බවට පත්වීමෙන් පසු මුල්ම විදුහල්පතිතුමා – කුමාරදාස රාජපක්ෂ මැතිතුමා

මහා විද්‍යාලයක් බවට පත්වූ වර්ෂය – 1968

පරිපාලන ගොඩනැගිල්ලක් හිමි වූ දිනය – 1970.03.20

උසස්පෙළ කලා සහ වාණිජ විෂය ධාරාව ආරම්භ කළ වර්ෂය – 1972

උසස් පෙළ විද්‍යා විෂය ධාරාවන් ආරම්භ කළ වර්ෂය – 1978


නව පුවත්

  • අපොස සා/පෙළ 2020 අයදුමපත් අත්සන් කිරීම සදහා 2020.08.28 දින හැදුන්ම්පත සමග පැමිණෙන්න
  • මැදිරිගිරිය ජාතික පාසලේ සියලුම සිසුන්ගේ දත්ත මාර්ගගතව එකතු කර ගැනීම – සියලුම MNC සිසුන් මෙතනින් දත්ත එවන්න
  • මැදිරිගිරිය ජාතික පාසලේ සියලුම ගුරුවරුන්ගේ දත්ත මාර්ගගතව එකතු කර ගැනීම – සියලුම MNC ගුරුවරුන් මෙතනින් දත්ත එවන්න

පුවත් සෙවීමට දින තෝරන්න

නොවැම්බර් 2020
බ්‍ර සි සෙ
« ඔක්.    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30